දෙමාපියන්

ගමන් කළ යුතු අධ්‍යාපන හා වෘත්තීය මාවත හඳුනා ගැනීමට ඔබේ දරුවාට සහාය වීම දුෂ්කර ක්‍රියාවලියකි. තොරතුරු අඩු වීම, බුද්ධිමත් අධ්‍යාපන හා වෘත්තීය තීරණයක් ගැනීම කෙරෙහි වන ප්‍රධානතම අභියෝගය වේ. අප මෙම දුෂ්කරතාවය අවබෝධ කරගෙන ඇති අතර ඔබේ දරුවාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා සේවාවන් සකස් කර ඇත.


ඔබේ දරුවාගේ අධ්‍යාපනය හා වෘත්තිය මාර්ගය සඳහා ආයෝජනය කිරීම වැදගත් තීරණයක්. අපගේ වෘත්තීය මාර්ගෝපදේශය සැලසුම් කර ඇත්තේ ඔබේ දරුවාට හොඳ දැනුමක්තුලින් වෘත්තීය තේරීම් කිරීමටය.

නිවැරදි වෘත්තීය විකල්පය තෝරා ගැනීම, ඉදිරි පැවැත්මක් ඇති රැකියා ක්ෂේත්‍රය හඳුනා ගැනීම හා නිවැරදි අධ්‍යාපන මාවත හඳුනා ගැනීම යන සියල්ල ඔබේ දරුවාගේ අනාගතයට ඉතා වැදගත් වේ. ඔවුන්ගේ සැබෑ හැකියාවන් පිළිබඳ තොරතුරු හා දැනුවත් භාවය නොමැතිකම නිසා, වෘත්තීය මාර්ගයක් තීරණය කිරීමේදී දරුවන්ට පීඩනයක් දැනිය හැකිය. එමනිසා, වෘත්තීය උපදේශකයකුගේ සහාය ලබා ගැනීම ඔබේ දරුවාට ප්‍රයෝජනවත් වනු ඇත.




ඔබේ දරුවාට ඔවුන්ගේ ශක්තීන් සහ වඩාත් සුදුසු වෘත්තීය විකල්පය තේරුම් ගැනීමට උදව් කරන්න.

ඒ සියල්ල ආරම්භ වන්නේ ඔබ කවුරුන්ද යන්න දැන ගැනීමෙනි.






වෘත්තීය උපදේශක හමුවන්න

ඔබේ දරුවා සඳහා විශේෂඥ අධ්‍යාපනය සහ වෘත්තීය මාර්ගෝපදේශ ලබා ගන්න.
වෘත්තීය සාකච්ඡාවක් වෙන්කරවා ගැනීම සඳහා 070 7798488 අමතන්න.





අමතර මෙවලම් නොමිලේ


ඔබගේ උසස් පෙළ මත පදනම්ව විශ්ව විද්‍යාල උපාධි සොයා ගන්න

  උපාධි තෝරන්නා

ඔබ කැමති විෂයයන් අනුව වෘත්තීන් සොයා ගන්න

  විෂය ගලපන්නා

ඔබ සතුව ඇති කුසලතා අනුව වෘත්තීන් සොයා ගන්න

  නිපුණතා ගලපන්නා

O/L & A/L පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර පුහුණු වන්න

  පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර

විවිධ කර්මාන්ත අනුව වෘත්තීන් ගවේෂණය කරන්න

  කර්මාන්ත ඉලක්ක කේන්ද්‍රය




අපගේ ක්‍රියාකාරකම්





දෙමාපියන් නිතර අසන පැණ


වෘත්තීය විකල්පයන් පිළිබඳ සොයා බැලීමට ඔබේ දරුවා දිරිමත් කිරීමෙන් සහ පළමුව තමන්ව අවබෝධ කර ගැනීමට ඔවුන්ට සහාය වීම මගින් ඔබට මුල පිරීමක් කළ හැකිය. ඔවුන් පාසල තුළ දී හා ඉන් පිටත කැමැත්තක් දක්වන ක්‍රියාකාරකම් මොනවාද? ඒවා වෘත්තීන්ට අදාළ වන්නේ කෙසේද? ඇරඹුමක් සඳහා අදහස් ලබා දීමට අ‍පගේ නොමිළේ සැපයෙන වෘත්තීය පරීක්ෂණය සම්පූර්ණ කිරීමට ඔබේ දරුවාට අවස්ථාව ලබා දෙන්න. මෙමගින් ඔවුන් වැඩි කැමැත්තක් දක්වන දේ මත පදනම් වූ වෘත්තීය විකල්ප ලබා දෙනු ලැබේ. යෝජනා කෙරෙන වෘත්තීන්ට ඔවුන් අකමැති වුවත් එමගින් අවම වශයෙන් ඔවුන්ගේ විකල්ප යම් ප්‍රමාණයකට සංක්ෂිප්ත කර ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.

ඉක්මනින් වර්ධනය වන හා වැඩි වැඩියෙන් පුද්ලයන් රැකියාවල නියුක්ත කරවන ක්ෂේත්‍ර ‍පිළිබඳ සලකා බලන්න. පාසල් අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපන හා වෘත්තීය තීරණ ගැනීම සඳහා ඔබේ දරුවාට උපකාර කිරීමේ දී අදාළ අංශයේ අවස්ථාවන් කොපමණ තිබේද යන්න හා තාක්ෂණික සංවර්ධනයන් මධ්‍යයේ අනාගතයේදීත් අදාළ රැකියාව ම පවතිනු ඇතිද යන්න පිළිබඳ ඇගයීමක් සිදු කරන්න. තවද තෝරා ගත් උසස් අධ්‍යාපන පාඨමාලාව තුළ ඔබේ දරුවා සඳහා පවතින අතිරේක වෘත්තීය විකල්ප හඳුනා ගන්න. අපගේ වෘත්තීය සම්පත් මගින් මෙම තොරතුරු ලබා ගැනීමට ඔබට සහාය වනු ලැබේ.

සාමාන්‍යයෙන් බොහෝමයක් වෘත්තීන් සඳහා විවිධ පිවිසුම් මාර්ග ගණනාවක් තිබේ; ඇතැම් ඒවා සුදුසුකම් මත ද අනෙක් ඒවා පළපුරුද්ද මත ද පදනම් වේ. CareerMe මගින් අප ලබා දෙන වෘත්තීය සම්පත් මගින් නියමානුකූල පිවිසුම් මාර්ග පෙන්නුම් කරනු ලැබේ. ඔබේ පුතාට/ දුවට තමන් කැමැත්තක් දක්වන වෘත්තීන් සඳහා බඳවා ගැනීම් සිදු කරන සේවා යෝජකයන් පිළිබඳව ද ගවේෂණය කළ හැකි අතර ප්‍රවේශ මට්ටම සඳහා පාසල් හැර ගිය පිරිස හෝ උපාධිධාරීන් සඳහා ඇති යෝජනා ක්‍රම මොනවාද යන්න සොයා බැලිය හැකිය.

විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් ඔබේ පුතාට/ දුවට පුළුල් පරාසයක විහිදුණු ප්‍රයෝජනවත් කුසලතා හා අත්දැකීම් ලබා ගත හැකි වනු ඇත. කෙසේ වුවද, ඇතැම් වෘත්තීන් සඳහා විශ්ව විද්‍යාලය එකම විකල්පය නොවේ. ‍වර්තමානයේ ‍බොහෝ සේවා යෝජකයන් විසින් තරුණයන් සඳහා සේවාස්ථ පුහුණුවක් සපයනු ලැබේ. මෙම තත්ත්වය යටතේ ඔබේ පුතා/ දුව විසින් එවැනි අවශ්‍යතා සපුරාලන රැකියා හඳුනා ගත යුතුවේ.