ශිෂ්‍යන්

නිවැරදි විෂය, පාඨමාලාව හෝ රැකියාව තෝරා ගැනීමට ඔබ අරගල කරනවාද? විසඳුම් ලබා ගැනීම සඳහා CareerMe පරීක්ෂණය කරන්න. හොඳම අධ්‍යාපන සහ වෘත්තීය තෝරාගැනීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය ඔබට ඉතා වටිනා වනු ඇත.


අපගේ වෘත්තීය මාර්ගෝපදේශනය ඔබට කළ යුත්තේ කුමක්ද යන්න පැවසීම සඳහා නිර්මාණය කර නොමැත. එය අධ්‍යාපනය හා වෘත්තීය ගවේෂණයෙහි ආරම්භයක් ලබා දීම සඳහා ලෙස නිර්මාණය කර ඇත.

පාසල් කාලයෙන් පසු සිදු කළ යුත්තේ කුමක් ද යන්න අවබෝධ කර ගැනීම පහසු දෙයක් නොවේ. ඔබට ඇති විකල්පයන් පිළිබඳ අවබෝධ කර ගැනීම හා ඉන් පසුව ඔබට වඩාත් ගැලපෙන වෘත්තිය තීරණය කිරීම බෙහෙවින් විය හැක. ඔබව දිරිමත් කර වෘත්තීය හා අධ්‍යාපන විකල්පයන් තෝරා ගැනීමට ඔබට මාර්ගෝපදේශයන් සැපයීම අපගේ කාර්යයයි.

අපගේ ප්‍රවෙිශය ගැන වැඩි විස්තර මෙතැනින් දැන ගන්න.




ඔබේ පරමාදර්ශී උපාධිය, පාඨමාලාව හෝ වෘත්තිය දැන ගැනීමට අවශ්‍යද?

ඒ සියල්ල ආරම්භ වන්නේ ඔබ කවුරුන්ද යන්න දැන ගැනීමෙනි.




අමතර මෙවලම් නොමිලේ


ඔබගේ උසස් පෙළ මත පදනම්ව විශ්ව විද්‍යාල උපාධි සොයා ගන්න

  උපාධි තෝරන්නා

ඔබ කැමති විෂයයන් අනුව වෘත්තීන් සොයා ගන්න

  විෂය ගලපන්නා

ඔබ සතුව ඇති කුසලතා අනුව වෘත්තීන් සොයා ගන්න

  නිපුණතා ගලපන්නා

O/L & A/L පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර පුහුණු වන්න

  පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර

විවිධ කර්මාන්ත අනුව වෘත්තීන් ගවේෂණය කරන්න

  කර්මාන්ත ඉලක්ක කේන්ද්‍රය




“CareerMe හරහා සිසුන් දහස් ගණනක් උපදෙස් ලබා දී ඇත”



BOOK CAREER CONSULTATION

පුද්ගලාරෝපිත වෘත්තීය සහ අධ්‍යාපනයට අදාල තොරතුරු ලබා ගන්න.
වෘත්තීය සාකච්ඡාවක් වෙන්කරවා ගැනීම සඳහා 070 7798488 අමතන්න.




ශිෂ්‍යයන් විසින් නිරත අසන පැන


අපගේ නොමිළේ සැපයෙන වෘත්තීය පරීක්ෂණයෙන් ආරම්භ කරන්න. එය ඔබ සඳහා විභව්‍ය අධ්‍යයන හා වෘත්තීය විකල්පයන් යෝජනා කරන සහ ඔබේ කැමැත්ත සහ වෘත්තීය පෞරුෂත්වය හඳුනා ගන්නා, භාවිතා කිරීමට පහසු ප්‍රශ්නාවලියක් වේ. එමගින් යෝජනා කෙරෙන විකල්පයන් ඔබේ ඕනෑකම් හා අවශ්‍යතාවන්ට නොගැලපෙන්නේ නම් එමගින් අවම වශයෙන් ඔබ විසින් මගහැරිය යුතු අධ්‍යාපන හා වෘත්තීය තේරීම් මොනවාද යන්න ඔබට දැන ගත හැකි වනු ඇත.

එය අනෙක් කරුණු මත රඳා පවතියි. ඇතැම් තෘතීය හා කාර්මික ආයතන ඇතැම් පාඨමාලා සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව සෘජුව ම සිසුන් බඳවා ගනියි. ඔබ විසින් මෙම පාඨමාලා සහ ඒවා ඔබේ වෘත්තීය සංවර්ධනයට ඉවහල් වන්නේ කෙසේද යන්න හඳුනාගත යුතුය. ඔබ විදෙස් අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන්නේ නම් උසස් පෙළ විභාගය වෙනුවට විවිධ රටවල් සඳහා නිශ්චිත වූ ප්‍රවේශ පරීක්ෂණ පිළිබඳව ද ඔබට සලකා බැලිය හැකිය. උදා: SAT (Scholastic Assessment Test), IB (International Baccalaureate) ආදිය. මේ පිළිබඳව වඩාත් හොද අවබෝධයක් ලබා ගැනීම සඳහා වෘත්තීය උපදේශකයෙකු හා සම්බන්ධ වන්න.

පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔබට නිරත විය හැක්කේ කුමන රැකියාවක ද යන්න හෝ උසස් අධ්‍යාපනය කුමන ක්ෂේත්‍රයකට අදාළව ලබා ගත හැකිද යන්න පිළිබඳව තීරණය කිරීමේ දී ඔබ පාසලේ දී ඉගෙන ගන්නා විෂයන් ප්‍රභල සාධකයක් වනු ඇත. ඔබේ කැමැත්ත සහ ඔබේ විෂය තේරීම් මගින් අනාගත වෘත්තීය මාවත සකස් කරනු ලබන්නේ කෙසේද යන්න මත පදනම්ව ඔබ ඉගෙන ගත යුත්තේ කුමන විෂයන්ද යන්න පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා අපගේ වෘත්තීය උපදේශකයා සමග කතා කරන්න.

සිසුහු රැසක් මීළඟට කුමක් කළ යුතුද යන ගැටළුවට මුහුණ දෙති. “මා විශ්ව විද්‍යාලයට ඇතුළත් විය යුතුද, රැකියාවක් සොයා ගත යුතුද නැතිනම් පාසල් අධ්‍යාපනය හමාර කර විශ්ව විද්‍යාලය‍ට පිවිසීමට පෙර වසරක කාලයක් බලා සිටිය යුතුද?“ යන්න ඉතා සුලභ ගැටළුවකි. කනස්සලු නොවන්න. ඔබ අධ්‍යාපනය හෝ වෘත්තිය පිළිබඳ තේරීමක් කිරීමට පෙර නිවැරදි තොරතුරු ලබා ගන්න පළමුව ඔබ කෙබඳු පුද්ගලයෙකු ද සහ ඔබට කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳ අවබෝධ කර ගන්න. ඔබේ පෞරුෂත්වයට ඔබේ වෘත්තිය හැඩ ගැස්විය හැකිය. අපගේ නොමිළේ ලබා දෙන වෘත්තීය පරීක්ෂණය ඔබේ පෞරුෂත්වය පිළිබඳවත් ඔබට ගැලපෙන්නේ කුමන ආකාරයේ රැකියාවන්/ අධ්‍යයන ක්ෂේත්‍ර ද යන්න පිළිබඳවත් අවබෝධ කර ගැනීමට ඉවහල් වනු ඇත. දෙවනුව, මිනිසුන් සමග කතා කරන්න. ඔබට ඇති විකල්පයන් පිළිබඳ අවබෝධ කර ගන්න. දෙමාපියන්, ගුරුවරුන්, රැකියාවල නියුතු වෘත්තිකයන් හා වෘත්තීය උපදේශකයන් ඔබට අදහස් ලබා ගත හැකි කදිම පුද්ගලයන් වේ. ඔබේ විකල්පයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට ඔබට උපකාර කිරීමට සහ ඔබේ තේරීම ඔබට කෙතරම් වැදගත් ද යන්න පිළිබඳ තොරතුරු සියල්ල සැපයීමට CareerMe උපදේශකයන්ට හැකිය. උදාහරණ ලෙස, ඔබට ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය නම් වෛද්‍යවරයෙකුගේ දෛනික වෘත්තීය ජීවිතය කෙබඳුද, පවතින විවිධ වෛද්‍ය විශේෂඥ ක්ෂේත්‍ර මොනවාද, කොපමණ වසර ගණනක් අධ්‍යයනය කළ යුතුද, ඔබට කොපමණ මුදලක් උපයා ගත හැකිද, ඔබට විදෙස් රටවල රැකියාවක නිරත විය හැකිද සහ ඔබට නිරත විය හැකි රැකියාවන් මොනවාද යන්න පිළිබඳ සොයා බලන්න. බුද්ධිමත් තීරණයක් ගැනීමට නම් මෙම ගැටළු පිළිබඳ පර්යේෂණ කිරීම වැදගත් වේ. උපදේශකයෙකු සමග කතා කරන්න.

ඔබේ සුදුසුකම් ඉහළ මට්ටමකට ගෙන ඒමටත් රැකියා වෙළඳ පොළේ ඉහළ තත්ත්වයක් ලබා ගැනීමටත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම වැදගත් විකල්පයක් වේ. කෙසේ වුවද, පළමුව ඔබ ලබා ගැනීමට අපේක්ෂා කරන වෘත්තිය පිළිබඳ සලකා බැලිය යුතු වන අතර එමගින් ඔබේ වෘත්තීය සංවර්ධනයට ඉවහල් වන ප්‍රයෝජනවත් උපාධියක් තෝරා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මීට අමතරව, ඇතැම් වෘත්තීන් සඳහා විශ්ව විද්‍යාලයකින් ලබා ගත් උපාධියක් අත්‍යවශ්‍ය නොවන අතර එවැනි අවස්ථාවල රැකියාවේ නිරත වන අතරතුර ඉගෙන ගැනීම හරහා උසස් පෙළ විභාගය අවසන් වූ වහාම රැකියාවේ නිරත වීමට ඔබට අවස්ථාව සැලසෙනු ඇත. ඔබේ වෘත්තීය තේරීමට ඉවහල් වන හොඳම අධ්‍යාපන මග හඳුනා ගැනීමට ඔබට සහාය වීමට අපගේ වෘත්තීය උපදේශකයන්ට හැකිය.

ඔබේ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමට අපේක්ෂා කරන්නේ නම්, අවශ්‍ය විභාග, මූල්‍යනය, විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීමේ පිරික්සුම් ලැයිස්තු හා ඊට අදාළ කටයුතු සිදු කළ යුතු නියමිත කාල සීමාවන් ආදී ප්‍රධාන කරුණු පිළිබඳ කලින් ම සැලසුම් කිරීම ඇරඹිය යුතුය. ඔබ වසරක කාලයක් බලා නොසිට උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සෘජුවම විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අපේක්ෂා කරන්නේ නම් ඊට අදාළ කටයුතු සිදු කළ යුතු නියමිත කාල සීමාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න. ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සඳහා මාස කිහිපයක් ගතවේ. උදාහරණයක් ලෙස ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයක 2018 සැප්තැම්බර් කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන්නේ නම් ඔබ 2017 වසර අවසානය වන විට ඒ සඳහා ආයදුම් කළ යුතුය. ඔබේ අධ්‍යාපන විකල්පයන් සහ ඔබ විසින් වහාම ගත යුතු මීළඟ පියවර හඳුනා ගැනීම අපගේ වෘත්තීය උපදේශකයන් සමග එක්වී සිදු කළ හැකිය.