Women in workforce



ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කාන්තාව සහ වෘත්තීය පෞර්ෂය 


අදට යෙදෙන ජාත්යන්තර කාන්තා දිනය හමුවේ කාන්තාවන්ට තම අනන්යතාව ගොඩනගා ගැනීමට බලපානු ලබන සමාජ සාධක පිළිබඳ මෙසේ ඔබට ගෙන ඒමට අප අදහස් කරන්නෙමු

 

ස්ත්රී සහ පුරුෂ යන දෙපාර්ශවයටම ලැබී ඇති ලිංගික වෙනස මත පදනම්ව සමාජය දිගු කලක් මුළුල්ලේ ගති ලක්ෂණ,හැසිරීම් රටා,භූමිකා සහ වෘත්තීන් යන්න සමාජයේ සෑම ඒකකයකදීම සහ ස්ථරයකදීම බෙදා ඇති අයුරු දැකිය හැකිය.සුළු උදාහරණයක් ලෙස වෘත්තීමය වශයෙන් ගත් කළ හෙද වෘත්තිය යන වචනය කණ වැකුණු විගස අප මනසට නැගෙන චිත්රය කාන්තා රුවක්ය.සිවිල් ඉන්ජිනේරුවකු යන්න ඇසූ පමණින් මනසට එන්නේ පිරිමි රුවක්ය.

එසේ වන්නේ ඇයි

 

පුරුෂයන් යනු ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත් වූත්,කඩිසර,දැඩි,රළු,ඉක්මණින් තීරණ ගැනීමට හැකි නායකත්ව ගුණාංග සපිරි බුද්ධිමත් හා තාර්කික පිරිසක් ලෙසටත් කාන්තාව යනු ලාමක,සුන්දර,පුරුෂයන් මත යැපෙන,තීරණ ගැනීමට නොහැකි අතාර්කික පිරිසක් ලෙසටත් වන වැරදි සමාජ මතය හෙවත් සමාජ අගතීන් (Social bias) දිගු කලක් තිස්සේ නිර්මාණය වූ බැවින් එම ගති ලක්ෂණ වලට අදාලව වෘත්තීන් බෙදා දැක්වීමක් වෙයි. මෙලෙස ස්ත්රීන්ට හා පුරුෂයන්ට පවරා දී ඇති සමාජ හා සංස්කෘතික තත්ත්වය ස්ත්රී පුරුෂ සමාජභාවය යනුවෙන් සරලව හැඳින්විය හැකිය.

 

මෙම සමාජ අගතීන් හමුවේ කාන්තාවට හිමි වන භූමිකාවේ ස්වරෑපය අනුව එය සෘජුවම බලපානු ලබන්නේ වෘත්තීමය ජීවිතයටය.එනම් ස්ත්රී පුරුෂ සමාජභාවීය භුමිකා පුද්ගල අවකාශය සහ පොදු අවකාශය යනුවෙන් බෙදා වෙන් වීම මතය.කාන්තාවට නිතැතින්ම හිමිවිය යුත්තේ පුද්ගල අවකාශය හෙවත් ගෘහීය කටයුතු සහ ප්රජනන කර්තව්යය බව සමාජ නිර්මිතය වන අතර ගෘහයෙන් පිට හෙවත් පොදු අවකාශය තුළ මනෝ සමාජීය සබඳතා,වෘත්තීමය වපසරිය පුරුෂයාට අයත් බැව් සමාජ මතයයි.

වර්ථමානය වන විට කාන්තාව පුද්ගල අවකාශයෙන් විතැන්ව පොදු අවකාශය වෙත පියවර තැබූවද එහිද පහළ ස්ථරයක් තුළ පීඩනයට ලක් වීම,අවම වරප්රසාද , අඩු සම්පත්,අවස්ථාවන් අහිමී වීම,සූරා කෑමට ලක් වීම, "කාන්තාවක්" වීම නිසාම වන කායික,මානසික සහ වාචික හිංසනයන්ට මුහුණ දෙන්නේ පුරුෂාධිපත්යයෙන් යුතු සමාජයේ,පුරුෂයන්ගේ බල ආධිපත්යයට යටත් වෙමිනි.නමුත් ඇය බල ගැටුමක් තුළ හිදිමින් පොදු අවකාශය තුල හිමි භූමිකාව ඉටුකරමින් සාම්ප්රදායිකව පුද්ගල අවකාශය වන ගෘහස්ථ කටයුතු වල සියළු බර කරමත දරන්නීය.

 

සමාජය මතින් පැනවෙන මේ බෙදීම් අනුව ගැහැණියට "ගැහැණුකම" පිරිමියාට "පිරිමිකම"ත් ආරෝපණය වෙයි.

 

සැබැවින්ම මෙම සමාජ අගතීන් පසෙක ලූ කල එකිනෙකාට අනන් වූත්, විවිධ ශක්යතාවයන්ගේ අඩු වැඩිවීම් මත වූත් වෘත්තීයමය පෞර්ෂයන් හඳුනාගත හැකිය.එහිදී කාන්තාවක් වීම නිසාම වන සමානාත්මතාව හා සමසාධාරණත්වය අහිමි වීමේ ගැටළු පැන නොගනී. එම වෘත්තීය පෞර්ෂයන් වර්ග 6 කි.ස්ත්රී හෝ පුරුෂ භේදයකින් තොරව තමා සතු කුසලතා පදනම් කර වෘත්තීමය නිපුණත්වයෙන් ඉදිරියට යෑමේ ගමන් මග නිර්ණය කර ගැනීමට මෙම පෞර්ෂයන් ගැන හඳුනාගැනීම ඉතා වැදගත්ය.

 

ස්ත්රී පුරුෂ සමාජභාවය නිසා හටගන්නා අනන්යතා ගැටළු පසෙක ලා විනාඩි 20ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔබගේ වෘත්තීය පෞර්ෂය පිළිබද මැනවින් දැන ගැනීමට www.careerme.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. බලගැන්වුණු කාන්තාවක් ලෙස කාන්තා දිනයේ ඔබ කව්දැයි සොයා ගනිමින් සමාජ අගතීන් පසෙක ලා වෘත්තීය නිපුණත්වයේ ඉදිරියටම යන්න අපගෙන්  උණුසුම් සුභ පැතුම්!



 Sanjeewani Mahagamage 

 Sanjeewani is a former Career Advisor and Trainer at CareerMe, where she conducted one-on-one career consultations and group workshops for students on topics such as career choice and employability skills. Sanjeewani is a Sociology graduate from the University of Colombo, where she also served as an Assistant Lecturer for the department of Sociology.