fbpx

වෘත්තීය පරීක්ෂණය

වෘත්තීය පරීක්ෂණය යනු කුමක්ද?

වෘත්තීය පරීක්ෂණය විවිධ වෘත්තීය අවස්ථා සහ වැඩ පරිසරයන් තුළ ඔබේ සාර්ථකත්වය හා තෘප්තිමත්භාවය කෙරෙහි රුචිකත්වයන්, අගයන්, කැමති දෑ, අභිප්‍රේරණ හා කුසලතාවන් වැනි ඔබේ ගති ලක්ෂණ බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා ඔබට සහාය වීම සඳහා නිර්මාණය කරන ලද මෙවලමක් වේ. වෘත්තීය පරීක්ෂණ ලොව පුරා සහ සංවර්ධිත රටවල් රැසක භාවිතා කෙරෙන අතර සිසුන් වෘත්තියක් පිළිබඳ තීරණය කිරීමට පෙර සාමාන්‍යයෙන් මුහුණ දිය යුතු අනිවාර්ය පරීක්ෂණයක්වේ.

අපගේ නොමිළේ සැපයෙන වෘත්තීය පරීක්ෂණය නිර්මාණය කර ඇත්තේ ඔබේ වෘත්තීය පෞරුෂය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා වන අතර වෘත්තියක් තෝරා ගැනීමේ දී මෙම තොරතුරු ඉතා වැදගත් වේ. මෙම පරීක්ෂණය කීර්තිමත් ‍මනෝ විද්‍යාඥයකු වන ආචාර්ය ජෝන් හොලන්ඩ් විසින් සංවර්ධනය කරන ලද න්‍යාය මත පදනම් වේ. එමගින් වෘත්තීය පෞරුෂ හයක් පිළිබඳ මැන බැලේ: යථාර්ථවාදී (R), විමර්ශනාත්මක (I), කලාත්මක (A), සමාජශීලී (S), උත්සාහවන්ත (E), හා සාම්ප්‍රදායික (C). මේවා හොලන්ඩ් කේතයන් හෝ පිළිබැඳියා කේතයන් (Holland Codes or Interest Codes) ලෙසද හැඳින්වේ.

මෙම පරීක්ෂණය සංක්ෂිප්ත කොටස් හතරකින් සමන්විත වේ.

  • ඔබ කෙබඳු අයෙක්ද: ඔබේ ශක්තීන් හා දුර්වලතා මොනවාද?
  • ඔබට හැකිද: ඔබට කළ හැක්කේ කෙබඳු ක්‍රියාකාරකම්ද?
  • ඔබ කැමතිද: ඔබ රුචිකත්වයක් දක්වන්නේ කුමන හෝ කුමන ආකාරයේ ක්‍රියාකාරකම් කෙරෙහිද?
  • ඔබ සිත් ගන්නා සුළු රැකියාවන්: ඔබ කැමති හෝ අකමැති රැකියාවන් මොනවාද?

ඔබේ පෞරුෂත්ව ලක්ෂණ මත පදනම්ව ඔබට වඩාත් යෝග්‍ය වන්නේ කුමන ආකාරයේ වැඩ පරිසරයන් හා රැකියාවන්ද යන්න අවබෝධ කර ගැනීමට මෙම පරීක්ෂණය ඉවහල්වේ. පරීක්ෂණය නිම කිරීමෙන් පසුව ඔබේ වෘත්තීය පෞරුෂත්වය හඳුනා ගැනෙන හා ඔබේ පෞරුෂත්වයට ගැලපෙන රැකියාවන් ලැයිස්තුවක් යෝජනා කෙරෙන පුද්ගලිකකරණය කරන ලද පරීක්ෂණ වාර්තාවක් ක්ෂණිකව ඔබ වෙත ලබා දෙනු ලැබේ. ඔබේ රුචිකත්වයන්ට ගැලපෙන රැකියාවක් තෝරා ගැනීම ඔබේ සාර්ථකත්වය කෙරෙහි බෙහෙවින් ඉවහල් වනු ඇත.

ඒ සඳහා මුහුණ දිය යුත්තේ ඇයි?

රැකියාවක් තෝරා ගැනීම ඔබේ ජීවිතයේ වැදගත් ම තීරණයන්ගෙන් එකක් වන අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාකූල තත්වයක් ඇති වීම සමාන්‍ය දෙයකි. ඥාතීන්, දෙමව්පියන් හා මිතුරන් නිරන්තරයෙන් අසන “උ/පෙළ හෝ සා/පෙළ විභාගයෙන් පස්සේ මොකද කරන්නේ“, “සා/පෙළ විභාගයෙන් පස්සේ මොන විෂය ධාරාවද තෝරා ගන්නේ“ හෝ “ඔයා කරන්නේ මොන වගේ රැකියාවක්ද“ වැනි ප්‍රශ්න එම ව්‍යාකූලත්වය වැඩි වීම කෙරෙහි බලපායි. මේවා ඔබේ ජීවිතය පුරාවට බලපෑම් කරන වැදගත් තීරණ වන නිසා වෘත්තියක් තෝරා ගැනීම හදවතට එකඟව හෝ අන් අයගේ පීඩනයට යටත් නොවී සිදු කිරීම ඉතාම වැදගත්වේ. ඔබ තෝරා ගත් වෘත්තිය ඔබට සිතා ගත හැකි අවසාන ම වෘත්තිය නොවන බව තේරුම් ගැනීම වැදගත් වේ. එය පුද්ගලයෙකුහට ඉදිරියට ගමන් කළ හැකි වෘත්තීය ගමන් මග හඳුනා ගැනීමක් වේ. ඔබේ ගති ලක්ෂණ හා ඔබේ වෘත්තීය පෞරුෂත්වය අනුව ඔබට වඩාත් යෝග්‍ය වෘත්තිය කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට අපගේ වෘත්තීය පරීක්ෂණය ඉවහල් වනු ඇත.

වෘත්තීය පරීක්ෂණයට මුහුණ දෙන්නේ කෙසේද?

1 පියවර: ඔබේ නම, ඊ මේල් ලිපිනය හා මුර පදය ලබා දෙමින් ගිණුමක් සකස් කරන්න.

2 පියවර: නොමිළේ ලබා දෙන වෘත්තීය පරීක්ෂණයට මුහුණ දෙන්න.

පරීක්ෂණය සම්පූර්ණ කිරීමට මිනිත්තු 15ක් ගත වනු ඇත. පරීක්ෂණයට මුහුණ දීමේ දී ඉක්මන් නොවන්න.

ඔබේ වෘත්තිය යනු ඔබේ ජීවිතයයි. එබැවින් ඔබ කවුරුන්ද යන වග අවබෝධ කර ගැනීම සඳහා කාලය වැය කරන්න.

how can we help you?

Contact us at the CareerMe office nearest to you or request a call back for further clarification. 

Demos

Layout

Wide
Boxed