fbpx

පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර

CareerMe වෙතින් ලබා දෙන මාර්ගගත (online) බහුවරණ ප්‍රශ්න සම්පූර්ණයෙන් ම නොමිළේ ලබා දෙන සේවාවක් වන අතර එය දේශීය සා/පෙළ හා උ/පෙළ සිසුන් සඳහා CareerMe ශිෂ්‍ය සේවාවන්ගේ කොටසක් ලෙස ලබා දෙන අධ්‍යාපනික සහායකි. දැනට අප විසින් පසුගිය ප්‍රශ්න පත්‍ර සපයනු ලබන්නේ සිංහල මාධ්‍යයෙනි.

පසුගිය ප්‍රශ්න පත්‍ර සියළු අධ්‍යාපන මට්ටම්වල සිසුන් සඳහා ඉතා ම වැදගත්වේ. CareerMe පසුගිය බහුවරණ ප්‍රශ්න පත්‍ර භාවිතා කිරීමට පහසු වන ලෙස හා සලකුණු කිරීම මගින් යළි එම ප්‍රශ්න වෙත පිවිසිය හැකි වන පරිදි අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව සකස් කර ඇත. ඔබට වෙනත් කාර්යයන් අතරතුර වුවද බහුවරණ ප්‍රශ්න පත්‍රවලට ඕනෑම වාර ගණනක දී පිළිතුරු සපයා කඩිනමින් ප්‍රතිඵල ලබා ගත හැකිය

ඇතැම් බහුවරණ ප්‍රශ්න පත්‍රවල ඇතුළත් කෙටි පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අපගේ මාර්ගගත (online) පද්ධතිය තුළ ඇතුළත් නොවේ.

 

බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා හෝඩුවාවන්:

බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට ක්‍රම කිහිපයක් වේ. ඇතැමුන් යෝජනා කරන පරිදි පළමුව ඔබට නිවැරදි යැයි විශ්වාස ප්‍රශ්න සියල්ල ට පිළිතුරු ලබා දිය යුතුය; අනෙක් පිරිස යෝජනා කරන්නේ ඔබ පිළිවෙලින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය යුතු බවයි.

ඔබට ගැලපෙන්නේ කුමක්ද? මෙම යෝජනාව පිළිබඳ සිතන්න. ඔබ නොදන්නා ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම සඳහා වැඩි කාලයක් වැය කොට පහසු ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට වේලාව ඉතිරි නොකර ගන්නවාට වඩා ඔබ දන්නා ප්‍රශ්න සියල්ලට නිවැරදි පිළිතුරු සැපයීම වඩා සුදුසු වේ. ඔබට යම් ප්‍රශ්නයක් සඳහා සැපයිය යුතු පිළිතුර පිළිබඳ විශ්වාසයක් නොමැති නම් අපගේ පද්ධතිය මගින් එම ප්‍රශ්නය සලකුණු කිරීමට ඉඩ සලසා දී ප්‍රශ්න පත්‍රය භාර දීමට පෙර එම ප්‍රශ්නයට නැවත පිළිතුරු සැපයීමට ඔබට අවස්ථාව සලසා දෙනු ලැබේ.

Subjects We Offer

ඔබට හිමි වන්නේ මොනවාද?

භාවිතා කිරීමට පහසු අතුරු මුහුණත – වෙනත් කාර්යයන් අතරතුර දී වුවද ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න

ක්ෂණික ප්‍රතිඵල – ඔබේ ශක්තීන්/ දුර්වලතා හඳුනා ගන්න

උත්සාහයන් කිහිපයක් – ඕනෑම වාර ගණනක් පරීක්ෂණයට මුහුණ දෙන්න

ප්‍රශ්නයක් සඳහා ගත වන කාලය – අපගේ කාල පාලකය මගින් ඔබේ වේගය මැන බලන්න

ක්‍රම දෙකක්

පරීකෂණ ක්‍රමය: සබෑ විභායකට සමාන වේ. ඒ සඳහා කාල සීමාවක් ඇත.

අභ්‍යාස ක්‍රමය: කාල සීමාවක් නොමැත. ඔබේ වේගය අනුව පිළිතුරු සපයන්න.

how can we help you?

Contact us at the CareerMe office nearest to you or request a call back for further clarification. 

උ/පෙළ හෝ සා/පෙළ විභාගයෙන් පසුව කරන්නේ කුමක්ද?

Demos

Layout

Wide
Boxed